සොබාදහමේ අසිරිය හැබැහින්ම දැකල ආශ්වාදනය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ කොයිතරම් කලාතුරකින් ද? එසේ දැක ගැනීමේ හැකියව ලබාදීමට ගත් වෑයමකි මෙය

Friday, April 10, 2009

බෝපත් ඇල්ල..


ශ‍්‍රී ලංකාව ලොව අන් රටවල් හා සසඳ්‍ර බලන විට එතරම් සුවිසල් රටක් නොවේ. ප‍්‍රමාණයෙන් කුඩා වුව ද සුන්දරත්වයෙන් ශ‍්‍රී ලංකාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
මන බදිනා ආකර්ශනීය දසුන් දැක බලා ගැනීමට ලොව බොහෝ රටවල සංචාරකයන් සිරිලකට පැමිණෙන්නේ සොබා සුන්දරත්වය අත්විඳ මොහොතක් හෝ සතුටින් ගත කිරීමටයි. සුන්දරත්වය ගැන කතා කිරීමේ දී කතා කළ යුතු, කතා කළ හැකි කරුණු කාරණා බොහෝය.
පාරිසරික සුන්දරත්වය අතින් සබරගමුව පළාතට ද හිමි වන්නේ් සුවිශේෂී ස්ථානයකි. එයිනුත් අපට වඩා වැදගත් වන්නේ රත්නපුර දිස්ති‍්‍රක්කයයි. රත්නපුර දිස්ති‍්‍රක්කය තුළ සුන්දරත්වය අත්විඳිය හැකි මනස්කාන්ත පරිසරයන් බොහෝය.
බෝපත් ඇල්ල, දූවිලි ඇල්ල වැනි දිය ඇලි නෙත් සිත් පිනවන අතර බුදුහිමිගේ සිරිපා සටහන පිහිටි සමනොළ ගිර සැම දෙනාගේ ම ගෞරවයට පාත‍්‍ර වන වන්දනා මාන කරන පුජනීය ස්ථානයක් වන්නේ ය.
සිරිපා පහස විදිනා රත්නපුරට සමන් දෙවිදුන්ගේ රැකවරණය නිබඳව ලැබේ. එබැවින් සුන්දරත්වය නිසාවෙන් පමණක් නොව පූජනීය වශයෙන් ද මේ ප‍්‍රදේශයට වැදගත් තැනක් හිමිවේ.
එයම සංචාරක ආකර්ෂණය තවදුරටත් වඩවන කරුණක් ව ඇත. මැණික්වලට ඉමහත් ප‍්‍රසිද්ධියක් උසුලන රත්නපුරයට අද වන විට බොහෝ දෙස් විදෙස් සංචාරකයන් නිතිපතා පැමිණෙන්නේ වාණිජ කටයුතු සඳහා ය. රත්නපුරය මෙරට මැණික් අළෙවියේ කේන්ද්‍රස්ථානයයි.
කුරුලු ගහනය වැඩි වශයෙන් ජීවත් වන ස්ථාන ද රත්නපුරයේ පිහිටා ඇත. සිංහරාජය සහ උඩවලව වන භූමි මේ ජෛව විවිධත්වය රත්නපුර ප‍්‍රදේශයට ලබාදීමට එක්තරා ආකාරයකින් හේතු සාධක වී තිබේ.
තැනිතලා බිම් මෙන් ම කඳුකර බිම් ද එක ලෙස දැක ගත හැකි රත්නපුර දිස්ති‍්‍රක්කය තුළ ලොකු කුඩා දිය ඇලි 90 කට වැඩි ප‍්‍රමාණයක් දක්නට හැකිය.
එයින් ප‍්‍රධානම දිය ඇල්ලක් වන්නේ බෝපත් ඇල්ලයි. ඇල්ලෙන් ඇඳ හැලෙන කිරි සුදු දිය දහර පෙන බුබුළු නංවමින් ගල් තලා අතරින් ලතාවට ගලා යන අයුරු දකින සංචාරකයන්ගේ නෙත්, සිත් අමන්දානන්දයෙන් පිරී යයි

1 comment:

  1. niyama blog ekak . . adai ahamben dakke . . . niyamai malli . . hodin karagena yanna . . . mama welawaka FB eken oyage blog eka gana podi ad ekak daannam . . .
    jaya wewaa . . .!

    ReplyDelete