සොබාදහමේ අසිරිය හැබැහින්ම දැකල ආශ්වාදනය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ කොයිතරම් කලාතුරකින් ද? එසේ දැක ගැනීමේ හැකියව ලබාදීමට ගත් වෑයමකි මෙය

Tuesday, April 7, 2009

වළවේ ගං දෑලේ....දී

අතීතයේ විජය රජතුමා ලංකාවට ගොඩබැස්ස ස්ථානය ලෙසත්, අතීත ලංකාවේ පරවෙ ධානතම වෙළෙඳ වරායක් ලෙසත් සැලකෙන හම්බන්තොටට නුදුරු ගොඩවාය වළවේ ගංගාව මුහුදට වැටෙන ස්ථානයයි. තඹවන් වැල්ලකට උරුමකම් කියන ගොඩවායේ මුහුදු තීරයේ සුන්දරත්වය තවත් වැඩිවෙන්නෙ ලා දුඹුරු වර්ණයෙන් සුසැදි අලංකාර ගල්තලාව නිසයි.
සැඳෑ අඳුර ලොව වෙලාගන්නට පෙර කඩිනමින් වළවේ ගංදෑලේ කිරල කැලේ කඩොල් පඳුරු අතරේ සිය කැදැලි කරා ඇදෙන දහස් සංඛ්යාවත සියොත් කැල සියැසින් දැකගන්නට ඇත්නම්, කුරුලු කූජන අහන්නත්, සියොතුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන්නත් එවන් නිසංසල ස්ථානයක් තරම් සුදුසු තවත් පෙදෙසක් නැති තරම්.
ගංදෑලේ වැඩුණු උස් ගස් වසා පැතිරුණු ලතා මඩුලු අතර ලෙළ දෙන නිල් මැණිකෙන් සුසැදි තොරණ මෙන් පිල් විදාගත් මොනරුන්! කුරුල්ලන් නිදහස් සුවයේ කල් මරති.
නිසලව ගමන් ගන්නා යාත්‍රාවන්ට ඉහළින් හිස් මුදුන්හි ගෑවී නොගෑවී හදිසියේ පියඹා යන කුරුමිනි කුරුලු රෑනක් තමන් ගේ අඩවියට වන් අමුතු සතුන් කවරේදැයි බියෙන් මෙන් ආපසු හැරී පියඹා යන්නේ මං මුළාවූවන් සෙයින්. කිරළ ගාලේ කඩොල් කැලේ වසා පැතිරගත් කලපු කිරළුන් මෙන්ම සුදුවන් කොකුන් සමූහය සැඳෑ අඳුර දුරු කරන්නට එළුෑ සුදුවන් ඇතිරිල්ලක් වගෙයි.
ඒ අතර අප කෙදිනකවත් නොදුටු විරූ කළු කෑඳැත්තන්, කොරොව් කෑඳැත්තන්, අළු කොකුන්, කොරොව් කුරුල්ලන්, පෙන්ද දිග කෑඳැත්තන් කෑරලුන්, වඩුකුරුල්ලන්, ගිරවුන් පිළිහුඩුවන් මෙන්ම බ්‍රාහ්මණ උකුස්සන්ද රෑන් රෑන් මෙවන් වන අරණක දී හැර අන් තැනෙක එකවර දකින්නට ලැබෙනවද?
රාත්‍රී කය මෝදු වන්නට වන්නට ගං දිය ද වඩාත් නිසල වන්නා සේය. අඳුරට පෙර සුපුරුදු නවාතැන් සොයා ඇදෙන සියොතුන් වෙසෙසින් කලබල වී ඇත්තේ අඳුරේදී ඔවුන් අඳ වන නිසාද? රාත්‍රියේදී සේවා මුරය අරඹනු රිසින් දිවා දවසේ ලැග සිටි තැන් හැර පියා තටු ගසා පියාහඹන කළුවන් වවුල් කැල පරයා ඔවුනොවුන් සියොළඟ හැපෙමින් රාත්‍රිය ගත කරන්නට එකී තිප්පොළ වෙතට ඇදී එන ශ්වේතවර්ණ කොක් රෑනට මොනරුන් ද සෙබඩුන් ද එක්වෙති.
හදිසියේ ගඟ දිය මත වසා පැතිරගත් ජපන් ජබර ගාලෙන් මතුවී සැණින් දිය යට සැඟව යන හැළ කිඹුලා ගේ සමීප රූපයක් ගැනීමට ඇත්නමි.

No comments:

Post a Comment